file
යූ ටියුබ් දර්ශන නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගත් උපකරණ ද සමග ඊයේ (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 සහ 21 වන වයස්වල පසුවන බදුරලිය සියදොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බව පොලිසිය පවසනවා.
සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සහ අඩි 5ක පමණ දිගින් යුත් ගිනි අවියක් ටී.56 ගිනි අවියට යොදන උණ්ඩයක් සහ තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම ගිනි අවි භාවිත කරමින් කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…