Thursday, September 10, 2026
Homeදේශීයයූ ටියුබ් නරඹා ගිනිඅවි නිපදවූ මාමයි බෑනයි අත්අඩංගුවට

යූ ටියුබ් නරඹා ගිනිඅවි නිපදවූ මාමයි බෑනයි අත්අඩංගුවට

යූ ටියුබ් දර්ශන නරඹා ගිනිඅවි නිපද වූ පුද්ගලයින් දෙදෙනෙකු ඒ සඳහා යොදා ගත් උපකරණ ද සමග ඊයේ (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 සහ 21 වන වයස්වල පසුවන බදුරලිය සියදොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බව පොලිසිය පවසනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සහ අඩි 5ක පමණ දිගින් යුත් ගිනි අවියක් ටී.56 ගිනි අවියට යොදන උණ්ඩයක් සහ තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මෙම ගිනි අවි භාවිත කරමින් කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

file
READ:   හජ් උත්සවය අදයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්