දේශීය

ඩෙංගු පාලනයට ආයතන හා පරිශ්‍ර පරික්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක්

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල,පිරිවෙන්) පරීක්ෂාවට ලක් කෙරේ.

අඟහරුවාදා දින කර්මාන්ත ශාලාත්, බදාදා දින ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, බ්‍රහස්පතින්දා දින අනෙකුත් පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා අනෙකුත් රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළැඹ තිබේ.

මේ අතර කිසියම් ආයතනයකට නියමිත දිනට පරිබාහිර දිනයක් යොදා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට උපදෙස් දී ඇත.

මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුය.

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පාලනය වනතෙක්, ඩෙංගු මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා පෙර පාසල් සහ පාසල් සිසුන් සඳහා හැකිතාත් ශරීර ආවරණය වන ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාතට අවසර ලබා දී තිබේ.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

21 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 day ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago