file
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේදී අද (20) අලුයම සිදුවු අනතුරකින් යුධ හමුදා සෙබලුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.
කොළඹ සිට මහනුවර දෙසට ධවනය වු යුධ හමුදා වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථා යුධ හමුදා නිලධාරීන් 6 දෙනෙක් එම වෑන් රථයේ ගමන් කර තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකි.
තුවාල ලැබූ නිලධාරීන් 5 දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් නිලධාරියකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…