ශ්‍රී ලංකාව ආදායම අනුව අධ්‍යාපනය යන ප්‍රතිපත්තියට යා යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.
ඔහුගේ අදහස වන්නේ ඉහළ ආදායම් ලබන භාරකරුවෙකු ගේ දරුවන්ටත් ඈත දුෂ්කර ගම්මානවල ඉතා අඩු ආදායම් මට්ටමක් ලබන භාරකරුවෙකුගේ දරුවෙකුටත් යන දෙදෙනාටම නොමිලේ අධ්‍යාපනය ලබා දීම සමබර ප්‍රතිපත්තියක් නොවන බවයි.
ක්‍රමවේදය දුෂ්කර පළාත්වල අධ්‍යාපනය සංවර්ධනය කිරීම මන්දගාමී වීමට හේතුවක්. උදාහරණයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ (BOI) ලක්ෂ 50ක වැටුපක් ලබා ගන්නා අධ්‍යක්ෂකවරයකුගේ පුත්‍රයා කොළඹ ආනන්ද විද්‍යාලයේ නොමිලේ අධ්‍යාපනය ලබන බව ඔහු සඳහන් කළා.
ඒ සඳහා වැය වන්නේ මන්නාරම ධීවරයෙකුගේ දරුවාට පාසලක් තනා දීමට ඇති ධනය බව ඔහු මතු කරන කරුණක්. ඇතැම් සිසුන් උසස් පෙළ දක්වා අධ්‍යාපනයෙන් පසුව විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය පතා විදෙස් ගතවන බවත්, නමුත් එතෙක් අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ සුප්‍රකට පාසල් සොයන බවත් සඳහන් කරනවා.
මෙසේ අධ්‍යාපනය සඳහා වියදම් කිරීම, ආදායම් මට්ටම ඇති අයට රජයේ මුදල් වෙන් කිරීම ආදායම අඩු අයගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට ඇති මුදල් නාස්ති වීමක් බව ඇමති රාඝවන් දරන මතයයි.
එමගින් ගම්බද දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් සහිත පාසලක ඉගෙනුම ලැබීමට ඇති අවස්ථාව මගහැරී යන බව ඔහුගේ අදහසයි.
එබැවින් අනාගතයේදී සිසුන් පාසලට ඇතුළත් කිරීමේදී දෙමාපියන්ගේ ආදායම සොයාබලන බව ඔහු අවධාරණය කරනවා.
තමන් සිටින්නේ නිදහස් අධ්‍යාපනය යා යුත්තේ අඩුම ආදායම් ලබන දෙමාපියන්ට වන තර්කයේ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහත සබැඳියෙන් සවන් දීමට හැකියි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…