Friday, September 11, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගය ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

උසස් පෙළ විභාගය ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහය වන විශේෂඥ කමිටුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) මේ බව ප්‍රකාශ කළා.

එලෙස නිශ්චිත ලෙස පැනවූ මාසය යම් හෙයකින් වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊට අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසනවා.

අතිශය බරපතළ තත්වයක දී හැර විභාගය පවත්වන මාසය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

READ:   පාසැල් සඳහා සතිමත් වැඩසටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්