උපකාරක පන්තිවල සිසුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ පුද්ගලයෙකු පෙරේදා (11) කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු සන්තකයේ පොලිතින් මල්ලක තිබී මත්කරල් 1010ක් හමුවූ බව පොලිසිය පවසනවා.
එම මත් කරලක් රුපියල් 150ක මුදලකට උපකාරක පන්ති සිසුන් සඳහා අලෙවී කර ඇති අතර එම මත් කරල් මානසික රෝගීන් සඳහා ලබා දෙන ඒවා බව අනාවරණය වී තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.


