file
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථ තුළ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ටිකට් පත් භාවිත කිරීමක් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
පෙරේදා (10) මගීන් 34 දෙනෙකු ව්‍යාජ ටිකට් පත් සහිතව මාතර සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක රැගෙන එමින් සිටිය දී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඔවුන් හඳුනාගෙන ඇත.
මෙහිදී රුපියල් 1200 බැගින් වූ ව්‍යාජ ටිකට් පත් 24 ක් නිකුත් කර රුපියල් 40800ක වංචාවක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර ඊයේ (11) ගාල්ලේ සිට මාකුඹුර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක ටිකට් පත් නොමැතිව පුද්ගලයින් 6 දෙනෙකු රැගෙන යැමක් හසුව තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉදිරි පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට විෂය භාර අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.
ව්‍යාජ ටිකට් පත් නිකුත් කිරීමට අදාළ විවිධ අක්‍රමිකතා හේතුවෙන් ලංගමට මසකට රුපියල් කෝටි 07ක පඩුවක් සිදුවන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…