දේශීය

මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරුට අධිකරණයෙන් නියෝග

මුල්ලේරියාව, හල්බරව ප්‍රදේශයේ දී මියගිය පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ජුනි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ සැකකරු අලුත්කඩේ අංක 15 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

වැඩ බිමක් අසල දී බෝතලයක කටු ඇනීමෙන් මියගිය බවට සැකකෙරුණු පස් හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම වැඩපලෙහි තණකොළ කපමින් සිටි පුද්ගලයකු ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ක්‍රියාත්මක කළ තණකොළ කපන යන්ත්‍රයේ තලය වැදීමෙන් දරුවා මිය ගොස් ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණු සැකකරු, වයස අවුරුදු 51 වූ කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

7 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

7 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago