Friday, June 12, 2026
Homeදේශීයලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.

සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබයි.

” වෙනස්වන පෘථිවි සාගරය ” යන්න මෙවර සාගර දිනයේ තේමාව යි.

1992 ජූනි 08 එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන පිළිබඳ සමුළුවේ (UNCED) දී කළ යෝජනාවකට අනුව 2008 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාව සම්මත කිරීමෙන් අනතුරුව සෑම වසරකම ජුනි 08 සාගර දිනය සමරනු ලබයි.

සාගරයෙන් වටවූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව, සාගර පද්ධතියට වන මිනිස් බලපෑම් තවදුරටත් නතර කර ගැනීම හා සාගරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා.

READ:   BREAKING NEWS: බෘෘනෝ දිවාකර රිමාන්ඩ් කෙරේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්