Thursday, September 10, 2026
Homeදේශීයඉන්ධන බේදා හරින්න අලුත් සමාගමක්

ඉන්ධන බේදා හරින්න අලුත් සමාගමක්

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) සමඟ දිගුකාලීන ගිවිසුමකට අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබුවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ එම ගිවිසුමට අත්සන් තැබීම සිදුකළා.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

file
READ:   ජනපති “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය” විවෘත කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්