Sunday, July 26, 2026
Homeදේශීයසිරකරුවන් පිරිසකට ජනපති සමාව

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පොහොයට සමගාමීව බන්ධනාගාරතව සිටින සිරකරුවන් පිරිසකට තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව හෙට (03) දිනය වන විට බන්ධනාගාරගත ගකරන ලද සිරකරුවන් වෙත වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් ලබා දීමට නියමිතයි.

මේ අතර දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාර ගතව සිරදඬුවම් ලබන සිරකරුවන්ගේ ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීමට තීරණය කර ඇත.

දඩ දඬුවම් සමග වසර 40ක් හෝ ඊට වැඩි කාලයක් සිරදඬුවම් නියමකර ඇති හෙට දිනය වන විට වසර 20ක් ගෙවා ඇති සිරකරුවන්හට ද මෙලෙස සමාව ලැබෙනු ඇති.

READ:   ආර්ථික අර්බුදය සඳහා ජාත්‍යන්තර සහය තවදුරටත් අපේක්ෂා කරනවා - අමාත්‍ය ශෙහාන් සේමසිංහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්