Sunday, April 26, 2026
Homeදේශීයඒඩිස් (H.I.V) රෝගීන් වාර්තා වීම ඉහළට පාසැල් සහ විශ්වවිද්‍යාල ළමුන් ඒ අතර...

ඒඩිස් (H.I.V) රෝගීන් වාර්තා වීම ඉහළට පාසැල් සහ විශ්වවිද්‍යාල ළමුන් ඒ අතර (VIDEO)

මෙරට H.I.V ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. H.I.V (ඒඩ්ස් රෝගීන්) වාර්තාවීම පසුගිය වසරවලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි එතුමිය පෙන්වා දෙන්නේ.

වර්තාවන H.I.V රෝගීන් අතර වැඩි පිරිසක් අවුරුදු 18 සහ 30 අතර තරුණ වයසේ පසුවන පුද්ගලයින් වන බව වෛද්‍යවරිය ප්‍රකාශ කළා. මෙරට තරුණ පිරිස මෙවැනි රෝග තත්වයකට ලක්ව දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම, ඉතා කණගාටුදායක තත්වයක් බවයි එතුමිය පෙන්වා දෙන්නේ.

H.I.V වෛරස අසාදිතයන් අතර පාසැල් සහ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන ළමුන් සැලකියයුතු මට්ටමේ පිරිසක් වන බව වෛද්‍යවරිය පවසනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීමේ අඩුව නිසා හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ ඇතිවෙන ලිංගික හැගීම් පාලනය කරගැනීමට දරුවන් අසමත්වීම මෙවැනි බරපතල තත්වයන් ඇතිවීමට හේතුවක් බව එතුමිය ප්‍රකාශ කරනවා.

වාර්තාවන H.I.V රෝගීන්ගෙන් බහුතරයක් කොළඹ ප්‍රදේශය තුළින් වාර්තා වන බව එතුමිය ප්‍රකාශ කළා.

READ:   වෛද්‍යවරුන් සඳහා නිවාඩු නිකේතනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්