Monday, April 20, 2026
Homeදේශීයමහ පරිමාණ සීනි වංචාව ගැන තොරතුරු රැසක් එලියට (VIDEO)

මහ පරිමාණ සීනි වංචාව ගැන තොරතුරු රැසක් එලියට (VIDEO)

මෙරට බරපතළ ලෙස සිදුව ඇති සීනි වංචාව පිළිබඳව පුරවැසියා සංවිධානයේ සභාපති ශ්‍රී රවින්ඩ්‍රන් නිස්සංක විසින් මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කර සිටියා.

සීනි සඳහා අයකරන බදුවලින් 1%ක් හෝ ඊට ආසන්න අගයක් අඩුකිරීම තුළින් මෙම මහපරිමාණ මූල්‍ය වංචාව සිදුකර ඇති බව රවින්ඩ්‍රන් නිස්සංක පවසනවා. එලෙස බදු අගය අඩුකිරීම තුළින් රටට අහිමි වූ අදායම බිලියන 15ක් වන බවත් එම මුදල් වලින් කිසියම් පුද්ගලයෙකු යම් උපයාගැනීමක් සිදුකර ඇති බවට අපරාධ විමර්ශන කොමිෂන් සභාවට මේ දක්වා පැමිණිලි සියගණනින් ඉදිරිපත් කර තිබුනත් මෙම මූල්‍ය වංචාව ගැන කිසිදු පියවරක් අපරාධ විමර්ශන කොමිසම විසින් මෙතෙක් ගෙන නොමැති බව එතුමා පෙන්වා දෙනවා.

2021දී රටේ සියලූම කර්මාන්ත පාහේ බිඳ වැටීමට ලක් වෙද්දී පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව මිලියන 600ක ලභයක් ලබා ගැනීම ඉතා හොද තත්වයක් වූ බවත් එමගින් එතනෝල් , දුඹුරු සීනි ආනයනය සීමා වීම නිසා රටට අත්‍යවශ්‍ය තෙල්,බෙහෙත්,ගෑස්.. ආදිය ලබාගැනීමට ඩොලර් ප්‍රමාණයක් එදා, රට තුළ ඉතිරි කරගැනීමට හැකි වූ බවත් ඔහු පවසනවා.

එලෙස ලාභ ලබමින් තිබූ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව නැවතත් පාඩු ලබන ආයනයක් බවට පත්ව ඇති බව පවසන එතුමා ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් පැහැදිලි ලෙස ක්‍රියාත්මක නොවන බව පෙන්වා දෙනවා. ලාභ ලැබූ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව තුළ අද වන විට ඇතිවී ඇති තත්වය පිළිබඳව කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා කිසිදු කරුණු දැක්වීමක් සිදුනොකරන බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.

මෙවැනි තත්වයක් තුළ නැවතත් රටට දුඹුරු සීනි, එතනෝල් ආනයනය කිරීමට සිදුවුවහොත් ආණ්ඩුවට පාළනය කරගත නොහැකි තවත් විශාල ආර්ථික බිඳවැටීමක් රට තුළ සිදුවන බව ඔහු අවධාරණය කර සිටිනවා.

මෙම ජාතික අපරාධය පිළිබඳ විශාල හෙළිදරව්වක් පුරවැසියා සංවිධානයේ සභාපති ශ්‍රී රවින්ඩ්‍රන් නිස්සංක විසින් මෙහිදී සිදුකරණු ලැබුවා.

එම ඉදිරිපත් කිරීම අඩංගු විඩියෝ පටය පහතින් දැක්වේ.

https://youtu.be/S6uGfMER10I
READ:   තවත් ආනයන සීමාවක් ලිහිල් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්