Sunday, April 20, 2025
Homeදේශීයඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්: 50 ක් මරුට

ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක්: 50 ක් මරුට

නැගෙනහිර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ, බැලාසෝර් ප්‍රදේශයේදී අද (02) රාත්‍රී 07.00ට පමණ දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

මගී ප්‍රවාහන දුම්රියක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මඟීන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

තවදුරටත් මරණ හා තුවාලකරුවන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට මාධ්‍ය පවසනවා.

දුම්රිය දෙක අතර සිරව සිටින පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

file
file
file
file
READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්