Saturday, September 12, 2026
Homeදේශීයසිදුවන්නට ගිය මහ විනාශයකින් මගීන් සහිත දුම්රිය බේරාගත් නිලධාරියා

සිදුවන්නට ගිය මහ විනාශයකින් මගීන් සහිත දුම්රිය බේරාගත් නිලධාරියා

සිදුවීමට ගිය විශාල අනතුරකින් දුම්රිය සහ එහි ගමන් කළ මඟීන් බේරා ගැනීමට දුම්රිය රියදුරන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.

අද (01) පෙරවරුවේ බදුල්ලෙන් කොළඹ බලා ධාවනය වූ දුම්රිය හාලිඇල හා උඩුවර අතර ‘කපොල්ල’ නැමති ස්ථානයේ දී දුම්රිය මාර්ගයට වැටී තිබූ විශාල ගල් පරයන්ට ගැටීමට අසන්ව තිබියදී සහයකවරයා හා රියදුරුගේ පරික්ෂාකාරී බව නිසා දුම්රිය නතර කර ගැනීමට හැකිව තිබේ.

උදෑසන සිට පැවති වැහිබර කාලගුණය සමග දුම්රිය මාර්ගය අපැහැදිලිව තිබී ඇති අතර එම ස්ථානයේ දී දුම්රිය සහායකවරයා විසින් ක්ෂණිකව ඉදිරියේ මාර්ගයේ ඇති බාධාවක් දැක දැනුම් දුන් බව දුම්රිය රියදුරු පවසනවා.

ඒ දුම්රිය වංගුව ගන්නවාත් සමග දුම්රිය මාර්ගයට ගසක් වැටී ඇති ආකාරයක් දුම්රිය සහායකවරයා ක්ෂනිකව දැක ඇති නිසාවෙනි.

ඒ හේතුවෙන් දුම්රිය නවත්වා ගැනීමට දුම්රිය රියදුරුට හැකිව ඇති අතර එම ආසන්නයේම විශාල ගල් ගොඩක් දුම්රිය මාර්ගයට පැමිණ ඇති බව පසුව දැක තිබේ.

කලින් දුම්රිය නැවැත්වීමට සිදුනොවුණා නම් දුම්රිය ගල්පරවල ගැටී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබු බව දුම්රිය රියදුරු ප්‍රකාශ කළා.

READ:   වැඩි මිලට බඩු වික්කොත් බලපත්‍ර අහෝසියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්