දේශීය

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) අමු බොරුවක් – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ
පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා
පවසනවා.


ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019, 2020 සහ 2021 වර්ෂවල
විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම්
පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන්
පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේ රේටින් ලබාගැනීම ගණනය
කිරීම සඳහා අහඹු ලෙස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400ක පමණ උපකරණයක් සවිකොට දත්ත
ලබාගන්නා බවයි. මෙහිදී ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් පමණ එම ගණනයකිරීම් සිදු කරණ
ආයතනවලට මුදල් ලබාදී මෙම උපකරණ සවිකළ රූපවාහිනී යන්ත්‍ර 300 පමණ මිලදීගෙන ඇති බවත්
මේ නිසා ලැබෙන දත්ත නිවැරදි නොවන බවත් ඒ මහතා පෙන්වා දුනනේය.


එසේම රාජ්‍ය මාධ්‍ය සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වඩා වැඩි වගකීමක් පවතින බැවින්
නාලිකා ශ්‍රේණිගතකිරීමේදී ඉදිරියට පැමිණීම අරමුණුකොටගෙනම කටයුතු කළ නොහැකි බවත්
හෙතෙම සඳහන් කළේය.
එසේම මාධ්‍යවේදීන් සඳහා හැදුනුම්පත් නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර වඩාත්
සක්‍රීයව ප්‍රවෘත්ති ලබාදීමට දායකත්වය ලබාදෙන මාධ්‍යවේදීන් ඇගයීමේ ක්‍රමයක් සකස්කිරීම
සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

තවද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබූ කාර්යයන් 18ක වර්තමාන
ක්‍රියාකාරීත්වය පිළිබඳවද සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා
දේශීය තොරතුරු විදේශීය රටවලටත්, විදේශ තොරතුරු මෙරට ජනතාවටත් ලබාදීම සම්බන්ධයෙන්
ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කිරීම පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණි.
රුපියල් මිලියන 108ක් වැයකොට ප්‍රංශයෙන් මිලදීගත් දැනට භාවිතයෙන් ඉවත් කළ තාක්ෂණයක්
සහිත නෙගටිව්පට යොදන යන්ත්‍රය සහ පොසිටිව්පට සෝදන යන්ත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා
විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 1999 වර්ෂයේ මෙම යන්ත්‍රය මිලදීගෙන ඇති බවත්
මේ වන විට මෙම තාක්ෂණය යල් පැන‌ගොස් ඇති බවත්ය. එසේම මෙම යන්ත්‍රය එක් වරක් හෝ
භාවිතයට ගෙන නොමැති බවත් එය චීනච්චට්ටිවලින් නිපදවා ඇති බැවින් යකඩ වලට විකිණීම හෝ
කළ නොහැකි බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය.
එසේම ස්වාධීන රූපවාහිනීසේවය සහ ජාතික රූපවාහිනී සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්කිරීම
පිළිබඳවද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය
සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඩයනා ගමගේ, ගරු චාමර සම්පත් දසනායක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, ගරු ජයන්ත කැටගොඩ,
ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු එම්.ඩබ්ලිව්.ඩී. ප්‍රදීප් විතාන,
ගරු වීරසුමන වීරසිංහ සහ ගරු මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Recent Posts

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 min ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

13 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

13 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

13 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago