දේශීය

රජයෙන් වෙන් කළ තඹ දොයිතුවක් එපා – මිහින්තලා විහාරාධිපති හිමි

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් මේ වන විට දෙස් විදෙස් බෞද්ධ, අන්‍යාගමික හා විවිධ ජනතාව විසින් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ඒ අනුව රජයෙන් පොසොන් රාජ්‍ය උත්සවයට රජය වෙන් කළ රුපියල් ලක්ෂ 31න් තබ දොයිතුවක්වත් අවශ්‍ය නැති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු අනෙකුත් ආගමික වැඩසටහන් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 225 ක මුදලක් වන බැවින් ඉතුරු ලක්ෂ 150 ක මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිමයෙන් මිහින්තලාව ආලෝකමත් කරන බව උන්වහන්සේ පවසා තිබේ.

ආර්ථික ඝාතකයන් ලෙස සැලකෙන පුද්ගලයින් මූල්‍ය කළමනාකරණය පිළිබඳව සංඝරත්නයට ඉගැන්විය යුතු නැති බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago