මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් මේ වන විට දෙස් විදෙස් බෞද්ධ, අන්‍යාගමික හා විවිධ ජනතාව විසින් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
ඒ අනුව රජයෙන් පොසොන් රාජ්‍ය උත්සවයට රජය වෙන් කළ රුපියල් ලක්ෂ 31න් තබ දොයිතුවක්වත් අවශ්‍ය නැති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ.
පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු අනෙකුත් ආගමික වැඩසටහන් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ 225 ක මුදලක් වන බැවින් ඉතුරු ලක්ෂ 150 ක මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිමයෙන් මිහින්තලාව ආලෝකමත් කරන බව උන්වහන්සේ පවසා තිබේ.
ආර්ථික ඝාතකයන් ලෙස සැලකෙන පුද්ගලයින් මූල්‍ය කළමනාකරණය පිළිබඳව සංඝරත්නයට ඉගැන්විය යුතු නැති බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.


