දේශීය

චෙන්නායි පිලට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පන්දුවට පහරදීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Sai Sudharsan 96 ක, Wriddhiman Saha ලකුණු 54 ක් සහ Shubman Gil ලකුණු 39 ක් වශයෙන් රැස් කළා.

මෙහිදී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 2ක් ලබාගත්තා.

එහිදී ගුජරාට් ටයිටන්ස් ඉනිමේ ප්‍රහාරක පිතිකරුවා වූ Sai Sudharsan ලකුණු 96 ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මතීෂ පතිරණ සමත් සමත් වුණා.

ඒ අනුව ලකුණු 215 ක ඉලක්කයක් හබා යෑම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පිටියට පිවිසිමට නියමිතයි.

file
file
file
file

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

20 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago