file
වයඹ රාජකීය විද්‍යාලයේ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව සිටිනවා.
ඒ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල ගෙවීම් නිසි පරිදි නොලැබීම හේතුවෙන්.
වයඹ රාජකීය විද්‍යාලයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරුන් එම රාජකාරීවලින් ඉවත් වුණේ අද උදෑසන සිටයි.
ගුරුවරුන් 200 ක් පමණ මෙලෙස ඇගයිම් කටයුතුවලින් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා.
ලංකා ගුරු සංගමය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව වහා මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ මේ වන විටත් විෂයන් 20 ක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…