මහජන උපයෝගීතා කොමිසමේ(PUCSL) සභාපති ධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම, ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් අනතුරුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඔහු වෙත යොමු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ ඉවත් කිරීමේ ලිපිය ඔහු විසින් භාරගෙන ඇති බවයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…