file
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළිත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
ඒ පිළිතුරු ඇගයීම් කටයුතු වෙනුවෙන් ගුරුවරුන් ඉල්ලා සිටි අත්තිකාරම් මුදල් මේ වන තෙක් ගෙවීමට නොහැකි වීම නිසා.
පිළිතුරු ඇගයීම් සඳහා කැඳවා ඇති ගුරුවරුන් 19,000 ක් පමණ පිරිස අතරින් කොටසකට පමණක් ඔවුන්ගේ අත්තිකාරම් මුදල් ගෙවා තිබේ.
ඒ අනුව අත්තිකාරම් මුදල් නොලැබුණු පිරිස ඇගයීම් කටයුතු වලින් ඉවත්වීමට ද කටයුතු කර තිබේ.
අත්තිකාරම් මුදල් ලබා දෙන බවට විභාග කොමසාරිස්වරයා පොරොන්දුවීමත් සමග එම ගුරුවරුන් නැවතත් උත්තර පත්‍ර ඇගයීමට පැමිණ තිබේ.
එහෙත් එම අත්තිකාරම් මුදල් ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව සතුව මුදල් නොමැති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර විෂයන් දොළහක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවට පැවසුවද සියලු විෂයන්වල ලකුණු පටිපාටි සකස් කර හෝ. විෂයන් දොළහක ඇගයීම් අවසන් කර නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…