Thursday, September 10, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් තවදුරටත් අවස්ථාව ඇති බශ විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ සඳහා Online ක්‍රමයට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් සිසුන් වෙත ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් විජේසුන්දර මහතා පවසනවා.

කිසියම් අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශපත නොලැබී විභාගයට පෙනී සිටීමට නොහැකි වුව හොත් එහි වගකීම විදුහල්පතිවරයා භාර ගත යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   වෛද්‍යවරු අදත් වැඩවර්ජනයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්