දේශීය

මහනුවර දියවඩන නිලමේට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ: පෙත්සම්කරුට දඩ

ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහි එම නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

2012 වර්ෂයේදී සුදත්ත සේනානායක මහතා විසින් ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහිව එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබුණා.

ඒ අනුව රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ප්‍රදීප් නිලංග දෑල බංඩාරට ගෙවන ලෙස සුදත්ත සේනානායකට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිලමේවරයා විසින් ඊට එරෙහිව මහනුවර මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර කළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණය විසින් නඩුව නිශ්ප්‍රභ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිලංග දෑල බංඩාර යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයන්ට එක් නඩුවකට රුපියල් 125,000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් ද නඩු ගාස්තුව වශයෙන් ද දෑල බංඩාර මහතාට ගෙවන ලෙස සුදත්ත සේනානායක මහතාට මහාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago