නියමු ව්‍යාපෘතියක් වශයෙන් කංසා වගා කිරීම සඳහා විශේෂඥයින්ගේ අවසරය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
අද (26) ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
අයෝජන මණ්ඩලය විසින් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සොයමින් සිටින බවත් ඒ සඳහා වෙනම ප්‍රදේශයක් තෝරා ගන්නා බවත් අමාත්‍යවරයා පවසා ඇත.
ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා තවදුරටත් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.


