Tuesday, June 2, 2026
Homeදේශීයගුරුවරයාට පහරදුන් සිසුන් ඇප මත නිදහස්

ගුරුවරයාට පහරදුන් සිසුන් ඇප මත නිදහස්

පුත්තලමේදී ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසුන් 4 ක් සහ තවත් සිසුන් 17 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

කොන්දේසි කිහිපයක් යටතේ, ඔවුන් එලෙස මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

සමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් පිරිසක් විසින් පාසලේ විනයභාර ගුරුවරයෙකුට මෙම පහරදීම සිදුකර තිබුණේ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පාසලට පැමිණි අවස්ථාවේදී යි.

ඒ අනුව එම සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ නිවේදනය සහ පහරදීමට අදාළ දර්ශන පහතින්,

READ:   BREAKING NEWS: සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවද? නැද්ද? තීරණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්