දේශීය

BREAKING NEWS: දැන් එයාලට සතුටු ඇති? මම ජනාධිපතිවරණයට එනවා! – ජනකගෙන් සැර කතාවක්..(VIDEO)

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද වීමසීමෙන් පසු ඒ මහතා මෙම අදහස් පල කළා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම තමන් පෞද්ගලිකව ලැබූ පරාජයක් නොව රටේ ජනතාව ලැබූ පරාජයක් බව ජනක ඒ මහතා පවසනවා.

මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා දිගින් දිගටම බලපෑම් පැමිණි බව ඔහු පෙන්වා දෙනවා.

විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටක මෙවැනි දෑ බලාපොරොත්තු විය යුතු බවයි ඒ මහතා පැවසුවේ.

තමන්ට දේශපාලන පත්වීමක් ලබා දුන්නා යන්න සත්‍ය බවත් ඒ හේතුවෙන් දනින් වැටී වැඩ කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

තමන් ඉවත් කිරීමෙන් විදුලිබල අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි මහජන උපයෝගිතා කොමිසම මෙහෙය විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේ සම්මත වුණා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

12 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 day ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago