දේශීය

හොර චීනා ගැන ගත් තීරණය..

පාස්පෝට් දෙකක් රැගෙන පැමිණි චීන ජාතිකයා මෙරටින් හැකි ඉක්මණින් නැවත චීනයට යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

චීන ජාතිකයා සතුව තිබු ගිනියා ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට ජාත්‍යන්තර පොලීසිය දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

චීන ජාතිකයා සතුව තිබූ චීන ගමන් බලපත්‍රය නිවැරදි එකක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

මෙම චීන ජාතිකයා මුදා ගැනීම සඳහා උදව් කළ බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට චෝදනා එල්ලවිය.

ඒ චීන ජාතිකයා පසුගිය 18වැනිදා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී.

චීන ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන පසුව මුදා හැර තිබුණේ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව වාර්තා වෙනවා.

ඔහු මෙරටට පැමිණි ආයෝජකයෙකු බැවින් මෙම මැදිහත්වීම සිදුකළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගිනී හා චීන ගමන් බලපත්‍ර දෙකක් ⁣මෙම චීන ජාතිකයා නිවාස ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago