දැනට පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරුණු සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අදහස් කරන බව අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණෙන සෙසු ජාත්‍යන්තර සමාගම් ඉදිරියේදී මෙරට අයෝජනය කිරීමෙන් අනතුරුව දැනට පවතින ඉන්ධන කොටා ක්‍රමය වෙනස් වනු ඇති බවයි.
මේ අතර ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම සහ විකිණීමට අදාළ ගිවිසුමකට Sinopec ලංකා පෞද්ගලික සමාගම සහ එහි චීන, සිංගප්පූරු මව් සමාගම් සමග කොන්ත්‍රාත් එකඟතාවට ඊයේ(22) අත්සන් තැබුවා.
එම ගිවිසුම වසර 20ක කාලයක් සඳහා වලංගු වන අතර Sinopec සමාගම නුදුරේදීම මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ද නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…