දේශීය

Sinopec එනකම් පවතින ඉන්ධන කෝටාව අඛණ්ඩව..

දැනට පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරුණු සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අදහස් කරන බව අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණෙන සෙසු ජාත්‍යන්තර සමාගම් ඉදිරියේදී මෙරට අයෝජනය කිරීමෙන් අනතුරුව දැනට පවතින ඉන්ධන කොටා ක්‍රමය වෙනස් වනු ඇති බවයි.

මේ අතර ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම සහ විකිණීමට අදාළ ගිවිසුමකට Sinopec ලංකා පෞද්ගලික සමාගම සහ එහි චීන, සිංගප්පූරු මව් සමාගම් සමග කොන්ත්‍රාත් එකඟතාවට ඊයේ(22) අත්සන් තැබුවා.

එම ගිවිසුම වසර 20ක කාලයක් සඳහා වලංගු වන අතර Sinopec සමාගම නුදුරේදීම මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ද නියමිතයි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago