Thursday, July 23, 2026
HomeදේශීයSinopec එනකම් පවතින ඉන්ධන කෝටාව අඛණ්ඩව..

Sinopec එනකම් පවතින ඉන්ධන කෝටාව අඛණ්ඩව..

දැනට පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරුණු සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අදහස් කරන බව අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණෙන සෙසු ජාත්‍යන්තර සමාගම් ඉදිරියේදී මෙරට අයෝජනය කිරීමෙන් අනතුරුව දැනට පවතින ඉන්ධන කොටා ක්‍රමය වෙනස් වනු ඇති බවයි.

මේ අතර ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම සහ විකිණීමට අදාළ ගිවිසුමකට Sinopec ලංකා පෞද්ගලික සමාගම සහ එහි චීන, සිංගප්පූරු මව් සමාගම් සමග කොන්ත්‍රාත් එකඟතාවට ඊයේ(22) අත්සන් තැබුවා.

එම ගිවිසුම වසර 20ක කාලයක් සඳහා වලංගු වන අතර Sinopec සමාගම නුදුරේදීම මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ද නියමිතයි.

READ:   බාල ඖෂධ මෙරටට ගෙන් වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනියි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්