දේශීය

නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට

ලබන ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතුයි. ඒ නුව දැනට ලංවිම ඉදිරිපත් කර ඇති සියයට 3ක ගාස්තු අඩුකිරීමේ යෝජනාව හා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන විකල්ප යෝජනාව පිළිබද මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැදවනවා. කොමිෂන් සභාවේ ගාස්තු යෝජනාව ජුනි 1 වැනිදින ප්‍රකාශයට පත් කරනවා. එතැන් සිට ජුනි 20 වැනි දින දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකියි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමටද අවස්ථාව හිමි වනවා. සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරනවා මෙම ගාස්තු සැකසීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න කියලා. මන්ද බොහෝ දෙනා ඉදිරිපත් කරන සාධනීය යෝජනා අවසන් ගාස්තු ක්‍රමයට ඇතුළත් කළ හැකි නිසා”

මීට පෙර ආසන්නව සිදුවු ගාස්තු ඉහල දැමීම නිසා අඩු පරිභෝජන කාණ්ඩ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

“පසුගිය පෙබරවාරියේ ක්‍රියාත්මක කල ගාස්තු ඉහල දැමීමේදී ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන දුප්පත් පාරිභෝගිකයින්ට අසාධාරණ ලෙස ගාස්තු ඉහල දැම්මා. සාධාරණ පිරිවැය අයකිරීමේ පදනම සහ දරාගැනීමේ හැකියාව, සහනාධාර ලැබිය යුත්තන්ට සහනාධාර දිය යුතු බවට වු පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මේ කාණ්ඩවලට සියයට 150 සිට සියයට 250කින් ගාස්තු ඉහල දැම්මා. ආසන්නයේ සිදු වු ගාස්තු සංශෝධන දෙකම නිසා ඒකක 30ට වඩා අඩු පරිභෝජනයක් ඇති කාණ්ඩවලට සියයට 1200කින් ගාස්තු ඉහල ගියා.

පසුගිය අගෝස්තුවට පෙර රුපියල් 5කට ගත්ත ඒකකයක් සදහා ඔවුන්ට රුපියල් 66ක් ගෙවන්න සිදුවුණා. රජයේම සමීක්ෂණ අනුව අන්ත දිළිදු තත්වයට පත්ව ඇති පවුල් සංඛ්‍යාව මිලියන 3යි. මේ පිරිස තමයි මාසෙකට විදුලි ඒකක 0ත් 60ත් අතර පාවිච්චි කලේ. විදුලි පරිභෝජනය පිළිබද නව දත්ත අනුව පසුගිය පෙබරවාරි වන විට මාසෙකට ඒකක එකක්වත් භාවිත නොකරන විදුලි පාරිභෝගික පිරිස 436000 දක්වා ඉහල ගිහින් තිබෙනවා.

ඒකක 90ට වැඩියෙන් පාවිච්චි කල පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 6ක් පමණ ඒකක 60 වඩා අඩුවෙන් පරිභෝජනය කරන කාණ්ඩ වලට වැටිල. මේ දත්තවලින් පෙන්වන්නෙ පහුගිය විදුලි ගාස්තු වැඩිකිරීම නිසා බලශක්ති දරිද්‍රතාවය ඉහල ගිය බව. මේ තත්වය වහාම නිවැරැදි කල යුතුයි.

පසුගිය පෙබරවාරි මාසයේ දි ක්‍රියාත්මක කල පදනම් විරහිත ගාස්තු සංශෝධනයෙන් අසාධාරණයට ලක්වු ගෘහස්ත අංශයේ ඒකක 120ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට, ආගමික ස්ථාන සහ සංචාරක හෝටල් වලට මෙවර ගාස්තු සංශෝධනයේදි සාධාරණයක් ඉටු විය යුතුයි.

“ගෘහස්ත අංශයේ ලක්ෂ 50කට ආසන්න පාරිභෝගික සංඛ්‍යාවකට පසුගිය ගාස්තු ඉහල දැමීම දරාගන්න නොහැකි වුණා. අපි මුලින් යෝජනා කරල තිබු සියයට 35ක ගාස්තු ඉහල දැමීම වෙනුව සියයට 66කින් ගාස්තු ඉහල දැමීම නිසයි ඒ තත්වය උදා වුණේ. ඉදිරි ගාස්තු සංශෝධනයේදී මේ පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීම සදහා අපි පියවර ගන්නවා. ඒ වගේම ආගමික ස්ථානවලටත් දරාගත හැකි ආකාරයට ගාස්තු අඩු කල යුතු යි. රටට විදේශ විනිමය උත්පාදනය කරන අංශ කෙරෙහි ද අවධානය යොමු කරනවා. සංචාරක කර්මාන්තය, අපනයන කර්මාන්ත ආදිය තිරසර ලෙස පවත්වාගෙන යාමට නම් බලශක්ති පිරිවැය හැකි තරම් අඩු කල යුතුයි.”

Recent Posts

Cricket Legend Sir Garry Sobers Dies at 89

The greatest all-rounder the game has ever seen leaves an unforgettable legacy West Indies cricket…

3 hours ago

හදිසියේම සමුගන්නට සිදු වූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගැන සංවේදී සටහනක්

ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…

12 hours ago

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…

15 hours ago

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…

15 hours ago

යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි

චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…

15 hours ago

Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence

July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…

17 hours ago