file
ගංජා මිශ්‍ර රොටියක් කෑමට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක් දූෂණය කළ කෝවිලක පූජකයෙකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 33 ක් වන එම පූජකයා ත්‍රිකුණාමලය සුරනගහර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
අදාළ තරුණිය සිය ඥාතින් සමඟ කෝවිලේ පූජාවකට ගොස් ඇති අතර එහිදී පූජකයා තරුණියගේ ඥාතින්ට පවසා ඇත්තේ ඇයගේ සිරුර තුල දොස් රෝගයක් පවතින බවයි.
ඒ අනුව ඇයට ප්‍රතිකාර කිරීමට ඉකුත් 16 වනදා කෝවිල සමීපයේ පිහිටි තරුණියගේ ඥාති නිවසකට ඇය කැඳවා එහි කාමරයක් වෙන්කරවා ගෙන ඇත.
පසුව පූජකයා විසින් ඇයට ගංජා මිශ්‍ර රොටිය කන්නට දී මත්පැන් පොවා තිබේ.
පූජකවරයා තරුණිය දූෂණය කිරීමට පෙර ඥාතින්ට පවසා ඇත්තේ කුමන ශබ්දයක් කාමරයෙන් ඇසුණත් කාමරයට නොපැමිණෙන ලෙසය.
තරුණිය කෑගසා ඇතත් කිසිවෙක් ඒ ගැන උනන්දුවක් දක්වා නැති අතර ඥාතින් සිතා ඇත්තේ සිරුරේ දොස් දුරුකරන විට ඇය එසේ කෑගසන බවයි.
ඒ අනුව අපරාධයට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් එලෙස දූෂණයට ලක් වූ තරුණියගේ ඥාතින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වන බව පොලිසිය පවසනවා.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…