දේශීය

පාඨලීගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදකී..

එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දැක්වීම මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී අද (22) සිදුවිය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන්.

එම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, රවුෆ් හකීම්, ඒ.එච්.එම්. ෆවුසි, මනෝ ගනේෂන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සමන් රත්නප්‍රිය, කරූ ජයසුරිය, කුමාර වෙල්ගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එක්සත් ජනරජ පෙරමුණේ නාටක පාඨලී චම්පික රණවක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් ර‌ට ගොඩනගන කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකමෙන්ම ප්‍රජාතාන්ත්‍රික නිදහසත් ජාතික සමගිය ඒකාග්‍රතාව ලබාදීමත් අරමුණු කරගනිමින් පක්ෂය පිහිටුවන බවයි.

Hope M නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්‍රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද එහි දැක්වෙනවා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

9 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

9 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago