Sunday, September 13, 2026
Homeදේශීයකොළඹ නොයා දවස් තුනෙන් Passportඑක ගෙදරටම..

කොළඹ නොයා දවස් තුනෙන් Passportඑක ගෙදරටම..

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසුකිරීමේ අරමුණින්, දිවයින පුරා ප්‍රදේශ ලේකම් කාර්යාල 50 ක ඒ සඳහා පහසුකම් සලසන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

පාස්පෝට් ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත එවීමෙන් පසු ලඟම ප්‍රදේශීය ලේකම් කාරයලයේ ඇති එම අංශයට ගොස් අවශ්‍ය කටයුතු සිදුකිරීමෙන්, දවස් තුනක් ඇතුළත පාස්පෝට් එක කුරියර් මාර්ගයෙන් නිවසට එවන බවයි ඒ මහතා පැවසුවේ.

ලබන මස මැද භාගය වන විට එම ක්‍රමය ස්ථාපනය කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

READ:   China Seeks Permission for Another Research Vessel to Visit Sri Lanka
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්