අදට යෙදී ඇති 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ඒ වසර 51ක අතීතය සිහි කරමින්.
එම සටහන මෙසේය.
“1972 මැයි 22: අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඇයගේ රජය විසින් ශ්‍රී ලංකාවේ 1 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික දිනයක් සනිටුහන් කරමින් අප ජනරජයක් ලෙස ස්ථාපිත කරන ලදී. සභාවට පැමිණ සිටින ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන්, මම වසර 51 ක හොඳ සහ නරක මතකයන් අගය කරමි. අද එක්සත්ව අපි එකා මෙන් ඉදිරියට යමු”


