දේශීය

වසර 20 ක් ඉන්ධන සපයන චීනයේ සිනොපෙක්ට ලංකාවේ ඉන්ධන හල් 200ක්

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අද උදෑසන අත්සන් කල බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා.

ඒ අනුව වසර විස්සක කාලයක් සදහා සිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය කිරිමට හා මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු ද සිනොපෙක් සමාගමට හිමි වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම තවත් නවීන ඉන්ධනහල් 50 ක් මෙරට ඉදිකිරීමට සහ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයටද ඔවුන් කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

file

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago