file
ආගම්වලට නිගරු වන ආකාරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
එහිදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ වැරද්දක් කරලා සොරි කියූ පමණින් විමර්ශන නතර කළ නොහැකි බවයි.
“කවුරු හරි වැරුද්දක් කරලා, සොරි කිව්වහම අපිට පරීක්ෂණ අත්හැරලා දාන්න බෑ. ඒක වෙලත් නෑ. වෙන්නෙත් නෑ මේකේ නෙමෙයි ඕන දෙයක. මේකේ වෙලා තියෙන්නේ CIDය මේක කරන්නේ. මේ සම්බන්ධයෙන් CIDයට නොයෙකුත් පැමිණිලි ලැබිලා තියෙනවා, ඔය ප්‍රකාශනය ගැන එතකොට ඔහුගේ තව දේවල් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සියලු දේ CIDයෙන් විභාග කරනවා. එතකොට උසාවියෙන් තමා විදේශ ගමන් තහනම ලබාදී තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි සාමාන්‍ය ක්‍රමය ඕනෑම පුද්ගලයෙක් ලංකාවට ආවහම එයාර්පෝට් එකට ආවහම එතැනින්ම ඔහුව CIDයට භාරදෙන්න. එතකොට CIDය පරීක්ෂණ කරලා, කටඋත්තර ලියලා ඔවුන් තීරණය කරයි මෙයාව ගෙදර යවනවා ද? උසාවි දානවද කියලා. ඒක CID වැඩක්.”
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…