දේශීය

ඩී.ජෙ.සංගීතයකදී වෙඩි තබා ඝාතනයක් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට

ගෙවුණු අප්‍රේල් 15 වනදා ගාල්ල , දඩල්ල ප්‍රදේශයේ පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36 ක පුද්ගලයෙක් මියගොස් වයස අවුරුදු 18 ක පුද්ගලයෙක් තුවාල ලැබූ බව පොලිසිය පවසනවා.

නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධය සිදුකළ සැකකරු හා ඊට අනුබල තවත් සැකකරුවකු ඊයේ (22) උදෑසන ගාල්ල, පියදියගම ප්‍රාදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සඳහා යොදාගත් 9mm වර්ගයේ ගිනි අවිය, පතරොම් ගැබක් සහ පතරොම් තුනක් ද එහිදී හමුව තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 30 සහ 32හි පසුවණ ගින්තොට හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුනං හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

file

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

16 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

16 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago