දේශීය

ඩී.ජෙ.සංගීතයකදී වෙඩි තබා ඝාතනයක් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට

ගෙවුණු අප්‍රේල් 15 වනදා ගාල්ල , දඩල්ල ප්‍රදේශයේ පැවති ඩී.ජේ. සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36 ක පුද්ගලයෙක් මියගොස් වයස අවුරුදු 18 ක පුද්ගලයෙක් තුවාල ලැබූ බව පොලිසිය පවසනවා.

නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධය සිදුකළ සැකකරු හා ඊට අනුබල තවත් සැකකරුවකු ඊයේ (22) උදෑසන ගාල්ල, පියදියගම ප්‍රාදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සඳහා යොදාගත් 9mm වර්ගයේ ගිනි අවිය, පතරොම් ගැබක් සහ පතරොම් තුනක් ද එහිදී හමුව තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 30 සහ 32හි පසුවණ ගින්තොට හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුනං හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

8 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago