දේශීය

විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමේ තීරණයක්..

කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් පිළිවෙලින් පසුගිය මැයි 16,17,18 දිනයන් වලදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග සාකච්චාවන් සදහා සහභාගී විය.

මෙම හමුවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක,පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් ඇතුලු උසස් නිළධාරීන් සහාභාගී විය.

2022.5.16 දින කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කතිකාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සමග තවත් ජේෂ්ඨ මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කෙරිනි.

ටිරාන් අලස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව විමසා සිටියේය.එහිදී උපකුලපතිතුමන් පවසා සිටියේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තවත් තර කරදෙන ලෙස ඉල්ලීමක් කලේය.එහිදී ඇමතිතුමන් කොළඹ විශ්වවිද්‍යාලය අසල රාත්‍රි මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන මෙන් පොලිස්පතිතුමන්ට නියෝග කලේය. වැඩිදුරටත් උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිව ඇති බව පැවසීය.එහිදී ටිරාන් අලස් මහතා සහා පොලිස්පතිතුමන් ඇතුලු ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුල ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ලදී.

2022.5.17 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කතිකාචාර්ය උපුල් සුභසිංහ මහතා ඇතුලු මහාචාර්ය වරුන් පිරිසක් ටිරාන් අලස් මහතා හමුවිය.

මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ටිරාන් ස්ලස් මහතා විමසීය. උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජයවර්ධනපුර ශිෂ්‍යයාවන්ගේ නේවසිකාගාර අසල ආරක්ෂක තත්ත්වය වැඩි කර දෙන ලෙසයි.එහිදී ඇමති තුමන් විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමටද නියෝග දුනි. විශ්ව විද්‍යාල ශිෂ්‍යන් පෙරට වඩා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා උනන්දුවක් දක්වන බවද මෙහිදී උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

2022.5.18 දින කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජේෂ්ඨ කතිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විය.මෙහිදීද විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කෙරිණි.

තවද ටිරාන් අලස් මහතා සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ගැන විමසීය.එහිදී උපකුලපතිවරිය අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකිව ඇති බව ප්‍රකාශ කර සිටියේය. තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බවද උපකුලපතිවරිය සඳහන් කර සිටියාය.කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් ඉල්ලා සිටියාය.

ටිරාන් අලස් මහතා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිතුමන්ට නියෝග කලේය.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago