දේශීය

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනපති ගත් අලුත්ම තීරණය..

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳව ඊයේ (19) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ඒ සඳහා පුද්ගලික අංශය ද දායක කර ගත යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මේ වන විට ත්‍රිවිධ හමුදාව ද කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අනුගතව කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වන විට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත.

එමෙන්ම මෙම කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එමගින් සුදුසු විසඳුම් යෝජනා කර තමන් වෙත ලබා දෙන ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කරන ලද කෘෂි නවීකරණය කමිටුව විසින් කෘෂිකර්ම නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ගනු ලැබූ තිරණ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙම කෘෂි නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පෞද්ගලික අංශයේ විද්වතුන්, පර්යේෂකයන් මෙන්ම රාජ්‍ය යාන්ත්‍රනය තුළ විෂය පිළිබඳ අත්දැකීම් බහුල නිලධාරීන් සහ තරුණ ප්‍රජාව ද සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වැවිලි කර්මාන්ත, ධීවර කර්මාන්තය, මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත, විසිතුරු මල් පැල වගාව, එළවළු, පලතුරු හා ධාන්‍ය වර්ග නිෂ්පාදන කර්මාන්ත, කිරි, බිත්තර නිෂ්පාදනය ඇතුළු සියලු ක්ෂේත්‍ර නවීකරණයට ලක් විය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කෘෂි අංශය තුළ සිදු කළ යුතු නවීකරණ වැඩපිළිවෙල පිළිබඳ අදාල ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික ප්‍රජාව ද සම්බන්ධ කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද උප කමිටු හරහා සාකච්ඡා කර ගනු ලබන තීරණ තමා වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

17 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

18 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

18 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago