දේශීය

කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි..

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෆ් මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ කැනේඩියානු අග්‍රාමාත්‍ය විසින් ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට කර ඇති චෝදනාව සම්බන්ධයෙන් කරණු විමසීම සඳහායි.

එහිදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් කර ඇති එම ප්‍රකාශය අමාත්‍යවරයා විසින් හෙළා දැක තිබේ.

එමෙන්ම එම මතභේදාත්මක ප්‍රකාශය කැනඩාවේ අභ්‍යන්තර දේශපාන අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කළ මතභේදාත්මක ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

දශක තුනක් මුළුල්ලේ පැවති ත්‍රස්වාදී යුධ ගැටුම් අතර සිදු වූවා යැයි කියන ‘ ජන සංහාරය’ පිළිබඳ චෝදනාව ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව අමාත්‍යවරයා පවසා ඇත.

‘ජන සංහාරයක්’ ශ්‍රී ලංකාව සිදු කළ බවට අත්තනෝමතික සාවද්‍ය චෝදනා මෙහෙයවන්නේ , ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත දේශපාලන වශයෙන් පොළඹවන ශ්‍රී ලංකා විරෝධි සුළුතරයක් බව අලි සබ්රි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ සබඳතා පවත්වන ලෙස මෙහිදී කැනඩව දිරිමත් කර තිබේ.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago