දේශීය

කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි..

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෆ් මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

ඒ කැනේඩියානු අග්‍රාමාත්‍ය විසින් ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට කර ඇති චෝදනාව සම්බන්ධයෙන් කරණු විමසීම සඳහායි.

එහිදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් කර ඇති එම ප්‍රකාශය අමාත්‍යවරයා විසින් හෙළා දැක තිබේ.

එමෙන්ම එම මතභේදාත්මක ප්‍රකාශය කැනඩාවේ අභ්‍යන්තර දේශපාන අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කළ මතභේදාත්මක ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

දශක තුනක් මුළුල්ලේ පැවති ත්‍රස්වාදී යුධ ගැටුම් අතර සිදු වූවා යැයි කියන ‘ ජන සංහාරය’ පිළිබඳ චෝදනාව ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව අමාත්‍යවරයා පවසා ඇත.

‘ජන සංහාරයක්’ ශ්‍රී ලංකාව සිදු කළ බවට අත්තනෝමතික සාවද්‍ය චෝදනා මෙහෙයවන්නේ , ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත දේශපාලන වශයෙන් පොළඹවන ශ්‍රී ලංකා විරෝධි සුළුතරයක් බව අලි සබ්රි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ සබඳතා පවත්වන ලෙස මෙහිදී කැනඩව දිරිමත් කර තිබේ.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

1 day ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago