Monday, October 26, 2026
Homeදේශීයයතුරුපැදිය විදුලි කණුවක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

යතුරුපැදිය විදුලි කණුවක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

හලාවත, ජයලත් හන්දිය අසලදී කොළඹ දෙස සිට හලාවතට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී අනතුරක් සිදුවුණා.

ඊයේ (18) අලුයම සිදුවූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ අමන්දොලුව,සීදූව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්