දේශීය

ලොව පුරා හදවත් දිනූ පරාජිත දැරිය..

මේ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලෙහි මීටර් 5000 තරඟයේ අවසාන ස්ථානය ලැබූ තවමත් 18 විය නොඉක්මවූ බව් සම්නන්ග්ය.

ඇය දිවෙන මේ මොහොතට විනාඩි හයකට කලින් අනෙක් තරඟකරුවෝ තම තරඟය අවසන් කොට තිබිණි. සමස්ත ආසියාවට ඇදහැලෙන ධාරානිපාත මහවැසි මැද ඇය දිගටම දිව ගියාය.

ඒ මාස කීපයකට පෙර තමන් පෙලූ හදවත් රෝගයද නොතකමිනි. අවසාන වටයට ඈ එලඹෙත්ම සියලු ප්‍රේක්ෂකයෝ ඇයව දිරිමත් කරමින් හා අගය කරමින් අත්පොඩි තලන්නට වූහ.

තරගය අවසන් කොට කාම්බෝජයේ ධජය ලෙලවූ දැරිය සමස්ත ප්‍රේක්ෂකයන් වෙත තම ආචාරය පුද කොට ඔවුන්ගේ ප්‍රතිචාර ඉවසාගත නොහී වැලපෙන්නට වූවාය.

පසුදා ලෝක ජනමාධ්‍ය හා පුවත්පත් සේම සමාජ මාධ්‍ය⁣වලද පිටුවක් පිරුණේ ඇගේ මේ නොපසුබට උත්සාහයට ගෞරව වශයෙනි.

අප ක්‍රීඩා කළයුතු ජයග්‍රහණය උදෙසාම නොවන බව ඇගේ කතාව අපට හොඳින් උගන්වන පාඩමයි. ඔබටත් සිටින්නේ දියණියක නම්, ඇයටද මේ කතාව අනිවාර්යයෙන් කියාදියයුතු කාලය එළඹ තිබේ.

පසුදා කාම්බෝජයේ රජු ඇයට මුදලින් $10000ක් පිරිනැමීමට තීරණය කළ අතර, බොහෝ දෙනා ඇයට ත්‍යාග හා මුදල් පිරිනැමූහ…

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago