Tuesday, April 21, 2026
Homeදේශීයලොව පුරා හදවත් දිනූ පරාජිත දැරිය..

ලොව පුරා හදවත් දිනූ පරාජිත දැරිය..

මේ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලෙහි මීටර් 5000 තරඟයේ අවසාන ස්ථානය ලැබූ තවමත් 18 විය නොඉක්මවූ බව් සම්නන්ග්ය.

ඇය දිවෙන මේ මොහොතට විනාඩි හයකට කලින් අනෙක් තරඟකරුවෝ තම තරඟය අවසන් කොට තිබිණි. සමස්ත ආසියාවට ඇදහැලෙන ධාරානිපාත මහවැසි මැද ඇය දිගටම දිව ගියාය.

ඒ මාස කීපයකට පෙර තමන් පෙලූ හදවත් රෝගයද නොතකමිනි. අවසාන වටයට ඈ එලඹෙත්ම සියලු ප්‍රේක්ෂකයෝ ඇයව දිරිමත් කරමින් හා අගය කරමින් අත්පොඩි තලන්නට වූහ.

තරගය අවසන් කොට කාම්බෝජයේ ධජය ලෙලවූ දැරිය සමස්ත ප්‍රේක්ෂකයන් වෙත තම ආචාරය පුද කොට ඔවුන්ගේ ප්‍රතිචාර ඉවසාගත නොහී වැලපෙන්නට වූවාය.

පසුදා ලෝක ජනමාධ්‍ය හා පුවත්පත් සේම සමාජ මාධ්‍ය⁣වලද පිටුවක් පිරුණේ ඇගේ මේ නොපසුබට උත්සාහයට ගෞරව වශයෙනි.

අප ක්‍රීඩා කළයුතු ජයග්‍රහණය උදෙසාම නොවන බව ඇගේ කතාව අපට හොඳින් උගන්වන පාඩමයි. ඔබටත් සිටින්නේ දියණියක නම්, ඇයටද මේ කතාව අනිවාර්යයෙන් කියාදියයුතු කාලය එළඹ තිබේ.

පසුදා කාම්බෝජයේ රජු ඇයට මුදලින් $10000ක් පිරිනැමීමට තීරණය කළ අතර, බොහෝ දෙනා ඇයට ත්‍යාග හා මුදල් පිරිනැමූහ…

READ:   UPDATE: පස් මහල් ගොඩනැඟිල්ලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට: ළමුන් 12ක් ඒ අතර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්