file
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා විසින් සිදුකර ඇති අවිචාරවත් ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා අද (18) විශේෂ නිවේදනයක් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියා.
නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකු වශයෙන් එම දේවගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පළිබඳව කණගාටු වන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
විපක්ෂ නායකවරයාගේ එම නිවේදනය පහතින්..
සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස මේ දේව ගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පිළිබඳව අතිශයින්ම කනගාටු වෙමි.
මේ රට චිරාත් කාලයක් මුළුල්ලේ නිර්මල බුදු දහමෙන් පෝෂණය වී ඇති අතර බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි. එය වෛරය වෙනුවට අවෛරයත්,අවිචාරය වෙනුවට විචාරයත්,සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවත් ලොවට කියා දුන් ධර්මයකි.
එකී සහනශීලී ප්‍රතිපදාව අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලි වලට බුදු දහම ඉලක්කකොට දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නැත.
ඒ පිළිබඳව අප මෙන්ම මුළුමහත් රටම දැඩි අවධානයකින් පසුවන බව සිහිපත් කළ යුතුය.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…