file
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා විසින් සිදුකර ඇති අවිචාරවත් ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා අද (18) විශේෂ නිවේදනයක් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියා.
නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකු වශයෙන් එම දේවගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පළිබඳව කණගාටු වන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
විපක්ෂ නායකවරයාගේ එම නිවේදනය පහතින්..
සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!
ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස මේ දේව ගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පිළිබඳව අතිශයින්ම කනගාටු වෙමි.
මේ රට චිරාත් කාලයක් මුළුල්ලේ නිර්මල බුදු දහමෙන් පෝෂණය වී ඇති අතර බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි. එය වෛරය වෙනුවට අවෛරයත්,අවිචාරය වෙනුවට විචාරයත්,සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවත් ලොවට කියා දුන් ධර්මයකි.
එකී සහනශීලී ප්‍රතිපදාව අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලි වලට බුදු දහම ඉලක්කකොට දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නැත.
ඒ පිළිබඳව අප මෙන්ම මුළුමහත් රටම දැඩි අවධානයකින් පසුවන බව සිහිපත් කළ යුතුය.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…