Thursday, September 10, 2026
Homeදේශීයඖෂධ මිල 15% කින් පහළ යන ලකුණු

ඖෂධ මිල 15% කින් පහළ යන ලකුණු

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඖෂධ මිල ඉදිරියේදී 10%ත් -15% ත් අතර අගයකින් අඩුකිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ මහතා පැවසුවා.

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පැවති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඩොරලය ඉහළ යෑම හේතුවෙන් ඖෂධ මිල ඉහළ ගිය බවත් ඩොරලයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දීමට සෞඛ්ය අමාත්‍යංශය සැමවිටම උත්සාහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

READ:   කෝටි 9ක ජීප් 6ක්, කෝටි 9ක රට සිගරට් සහ හොර මත්පැන් තොගයක් රේගුවෙන් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්