දේශීය

ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගෙන අදට වසර 14යි

දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.රී ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14 ක් ගතවනවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් අඛණ්ඩව ගෙන ගිය කුරිරු යුද්ධය නිමාකර ජාතියේ විරෝධාර රණවිරුවන් මව් බිමට නිදහස දිනා දෙනු ලැබීය.

ඒ 2009 මැයි 18 වනදා අද වැනි දිනක නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.

ලොව මානුෂිය මෙහෙයුමක් දියත් කර ප්‍රාණ ඇපයේ රඳවා සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්‍රහනයෙන් මුදා ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් විය.

කුරිරු යුද්ධය හමුවේ දහස් ගණනක් රණවිරුවන් මව් බිම නමින් සිය ජීවිතය පූජා කළේය.

තවත් දහස් ගණනක් රණවිරුවන් අබාධිතයන් බවට පත්විය. යුද්ධයේ දී සදාකාලිකව අබාධිතයන් බවට පත් වූ රණවිරුවන් සංඛ්‍යාව විශාල වේ.

යුද ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක් හෙට (19) සවස 04 ට බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙනි.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

1 day ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago