දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.රී ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14 ක් ගතවනවා.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් අඛණ්ඩව ගෙන ගිය කුරිරු යුද්ධය නිමාකර ජාතියේ විරෝධාර රණවිරුවන් මව් බිමට නිදහස දිනා දෙනු ලැබීය.
ඒ 2009 මැයි 18 වනදා අද වැනි දිනක නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
ලොව මානුෂිය මෙහෙයුමක් දියත් කර ප්‍රාණ ඇපයේ රඳවා සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. ග්‍රහනයෙන් මුදා ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් විය.
කුරිරු යුද්ධය හමුවේ දහස් ගණනක් රණවිරුවන් මව් බිම නමින් සිය ජීවිතය පූජා කළේය.
තවත් දහස් ගණනක් රණවිරුවන් අබාධිතයන් බවට පත්විය. යුද්ධයේ දී සදාකාලිකව අබාධිතයන් බවට පත් වූ රණවිරුවන් සංඛ්‍යාව විශාල වේ.
යුද ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක් හෙට (19) සවස 04 ට බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙනි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…