දේශීය

ළමා අපයෝජන වැළැක්වීමට දැඩී නීති සකස් කරන්න – ජනපතිගෙන් නියෝග..

ළමා අපයෝජන වැළැක්වීම වෙනුවෙන් දැඩී නීති සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ආදාළ නීති අංශ සඳහා ඒ බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.

කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනමම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම නීති පද්ධතිය සැකසීමේදී ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

පාසල් විෂය මාලා තුළද වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා දෙමාපිය දූ දරු සබඳතා පිළිබඳ සහ ගෘහාශ්‍රිත මානසික සෞඛ්‍ය පිළිබඳ නව සංවාදයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතරම දරුවාගේ මානසිකත්වය අවබෝධ කර ගනිමින් පුළුල් මනසක් සහිත දරුවකු නිර්මාණය කිරීම සඳහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇත.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

16 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

17 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

17 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago