දේශීය

ජාත්‍යන්තර හෙද දිනයේ හෙදියන් සම්මාන ලබයි.. (PHOTO)

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (12) කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කර තිබුණා.

මෙම වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එක්ව සිටි අතර මෙහිදී හෙද නිලධාරිනියන්ට සහ නිලධාරින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමීමක් ද සිදු කෙරුණා.

file
file

‘හෙල්ත් ටුවරිසම් ‘ (Health Tourism ) මගින් රටට ආදායමක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරන බව සාගල රත්නායක මහතා මෙහිදී පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් මේ ආකාරයට ලෝකය පුරාම යම් යම් සැමරුම් උත්සව සිදු වෙමින් පවතිනවා. අපේ රටත් එයට එක්ව සිටිනවා. හෙද කාර්ය මණ්ඩලය කරන රාජකාරිය අතිවිශිෂ්ටයි. අර්බුද අවස්ථාවලදී ඔවුන්ගේ සේවය විශේෂයෙන්ම අපට දැනෙනවා.

ඔබ කරපු සේවය පිළිබඳව හැඟීමක් රට තුළ ඇති වුණේ කොවිඩ් වසංගතය පැමිණි අවස්ථාවේදීයි. මේක මගේ රාජකාරිය නෙවෙයි, මෙය අවදානම් සහගතයි කියා ඔබ කිසිවිටෙක සේවයෙන් ඉවත් වුණේ නැහැ. රාජකාරිය පැහැර හැරියෙත් නැහැ. අවදානම් වුවත් රටේ ජනතාව බේරා ගැනීමේ උදාර සේවාව ඔබ අකුරටම ඉටු කළා.

file

ශ්‍රී ලංකාව ඒ වසංගතයට සාර්ථකව මුහුණ දුන්නේ ඔබ දැක්වූ අපරිමිත කැපකිරීම නිසයි. ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ඉක්මණින් අපේ රටට වසංගත තත්ත්වයෙන් මිදීමට එය පිටුවහලක් වුණා.

file

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා විට රට තිබුණේ ආර්ථික වශයෙන් විශාල අවදානම් තත්ත්වයකයි. විදේශ විනිමය, ඉන්ධන, ගෑස්, ඖෂධ තිබුණේ නැහැ. රටේ වැඩ කටයුතු කරගෙන යාමටවත් අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. තව දින කිහිපයක් ගියා නම් කොතැනින් කෙළවර වෙයි ද කියා කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සූඩානය, ලෙබනනය වගේ රටවල්වල තත්ත්වය අපි කවුරුත් දන්නවා.

එදා රට තිබූ තත්ත්වයට වඩා අද රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ මූලික ගැටලු අවම වෙලා තිබෙනවා. දැන් එතැනින් එහා ගිය ඉදිරි වැඩපිළිවෙළකට අප යා යුතුව තිබෙනවා.

රටක් ලෙස අපි නිර්මාණශීලීව කටයුතු කරමු. අපි වැනි ලස්සන පරිසරයක් තිබෙන රටක හෙල්ත් ටුවරිසම් දියුණු කරන්න පුළුවන්. එමගින් විශේෂ ආදායම් මාර්ග ලැබෙනවා.

දැනටමත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එනවා වෛද්‍යවරු හමුවෙන්න. අපි ඒක නරක දෙයක් විදිහට දකින්න අවශ්‍ය නැහැ. මෙය අපට ව්‍යාපාරයක් කර ගන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් දේවල් වර්ධනය කරගෙන ඉදිරියට යා යුතුයි.

file

විදෙස් රටවලට හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙනවා. ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වෙලා තිබෙනවා. ඉංග්‍රීසී භාෂාව මනා ලෙස හසුරුවන්න අවශ්‍යයි. මේ ප්‍රශ්න ටිකත් නිරාකරණය කර‍ ගෙන එහි වාසිය අප ලබාගත යුතුයි. තරුණ තරුණියන්ට අපි හොද රටක් නිර්මාණය කරදිය යුතුයි.

අපි එම ඉලක්කයට යා යුතුයි. එම ඉලක්කය සපුරා ගැනීමේ ක්‍රියාමාර්ග අපි දැන් ගනිමින් සිටිනවා.
අද රටේ උද්ධමනය පහළ යමින් පවතින අතර බඩු මිල අඩු වෙමින් පවතිනවා. පාරිභෝගිකයාට සාධාරණයක් වන බව පෙනෙන්නට තිබෙනවා.

file

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගත්තා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. රජයෙන් රජයට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. ඔබ සියලු දෙනාට ජීවත් විය හැකි සරිලන ආදායමක් ලබා දීමට රජය කටයුතු කරනවා.

ඔබ සියලුදෙනා රට වෙනුවෙන් කරන සේවයට අපේ ගෞරවය හිමි වෙනවා.


:ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago